දිවයිනට බලපා ඇති අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පාසල් පැවැත්වීමට නොහැකි වාතාවරණයක් උද්ගත වුවහොත්, ඒ පිළිබඳව සුදුසු තීරණ ගැනීමේ පූර්ණ බලය අදාළ පළාත් අධ්යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්යාපන අධ්යක්ෂවරුන් වෙත ලබා දී ඇති බව අධ්යාපන අමාත්යාංශය පවසයි.
ඒ අනුව, යම් ප්රදේශයක පවතින ආපදා තත්ත්වය, ගංවතුර අවදානම හෝ මාර්ග අවහිරතා වැනි තත්ත්වයන් කඩිනමින් සලකා බැලීෙමන් පසු, අදාළ ප්රදේශයේ පාසල් තාවකාලිකව වසා තැබීමට හෝ වෙනත් සුදුසු පියවර ගැනීමට එම බලධාරීන්ට අවශ්ය බලතල හිමිවනු ඇත.

