ශ්‍රී ලංකා ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලු විසඳීම සඳහා ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගුරු විදුහල්පති සංගම් නියෝජිතයින් සමඟ අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණ හා රාජ්‍ය සේවා කොමිෂන් සභා මාර්ගෝපදේශ සහ නඩු තීන්දු කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙම සංශෝධන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කර තිබේ.
මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ වහාම අදාළ උපාධිධාරීන් බඳවා ගැනීමට කටයුතු කළ හැකි බව අග්‍රාමාත්‍යවරිය පවසා ඇති අතර, ගුරු පුහුණු, විද්‍යාපීඨ සංවර්ධන කටයුතු සහ ගුරු-විදුහල්පති ඇතුළු සේවාවන් 06ක වෘත්තීයභාවය නංවාලීම සඳහා අධ්‍යාපන වෘත්තික සභාවක් පිහිටුවීමට ගෙන ඇති පියවර පිළිබඳවත් ඇය මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කර ඇත.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ සංගම් නියෝජිතයින් පිරිසක් සහභාගී වී ඇත.

