අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

0
11

දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (03) සිට ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ ගොස් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පවතින අතර, අද දහවල් 12:09ට මාදම්පේ, තෝරයාය, තොටගමුව, රත්තොට සහ කලවංචිකුඩි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here