කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවට අනුව, අද දිනයේ දිවයිනේ බොහෝ ප්රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ. කෙසේ වෙතත්, අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැක.
මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වලත්, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතීමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ා සිටී.

