අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ නව චීන තානාපති අතර අරලියගහ මන්දිරයේදී හමුවක්

0
50

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර නිල හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබා දීමේ චීන සහාය වසර 3 සිට 5 දක්වා දීර්ඝකාලීන රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීම සහ දිවයින පුරා ඩිජිටල් පන්ති කාමර 500ක් සඳහා ස්මාර්ට් උපාංග 900ක් ලබා දීමේ ඩිජිටල් අධ්‍යාපන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදුවිය.

මීට අමතරව, චීන ශිෂ්‍යත්ව ඔස්සේ හිමිවන උසස් අධ්‍යාපන අවස්ථා සහ ළමුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීමට එක්ව කටයුතු කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය සහ චීන තානාපතිවරයා අතර විශේෂ අවධානය යොමු වී තිබේ.