Breaking News

තෛපොංගල්

‘තෛපොංගල්.’ නිමවූයේ ජාතික උත්සවයක්ද සමගිනි.මෙකී පසුබිම තුල හැම දමිළ හිතක් ළඟම ‘පොංගල් බත’ඉදුනේ නව වසරේ නව බලාපොරොත්තුද සමගිනි. හැම සාමකාමී දොරක් ළඟම පාන්දරින් කෝලම් රංගෝලි ඇඳුනේ ඒ නව බලාපොරොත්තු වල හසරැල් ඉතා ලස්සනට කියා පාමිණි.
මේ හැමදේම අතරේ ජීවිතේ බොහෝ කාලයක් පුරාවට දකින මේ දුරුත්තේත් ඒ හීනෙම දකින තවත් පිරිසකට උතුරේ දොරවල් ඉදිරියේ පොංගල් බත ඉදෙන්නේය.අතුරුදහන් වෙච්ච දරුවො ගෙදර එනකං මඟ බලන අම්මල තාත්තල තාමත් මේ උතුරුකරයෙ – එක දිගට හුස්ම ගන්නේ ය.

ඒ හැම ගෙදරකම හැදෙන පොංගල් බත දරුවො ගෙදර එනකං දවස් ගානෙ පිළුණු හැම වසරකම පිළුණු වන්නේය.

ආණ්ඩුවට සෑම ප්‍රෂ්නයකටම විසඳුම් සපයනු ලබන්නේ theoryවලටය.ආණ්ඩු වලට හදවත් නෑ බොලව්.

මෙකී සමයක අප අපගේම හදවත් ආමන්ත්‍රණය කරගත යුතුව ඇත.

ලේ මස් ඇට නහර කිරි කිරි ගා පිච්චෙන අව්වේ කොළඹ රස්තියාදුවට හුරුවන මා ජිවිතයට කාස්ටකයේ විදුලි කණුවක ඇලවී සිටින පොස්ටරයක් සිහියට නැගේ.

“නැති වූ මේ බලු පැටියා සොයා දෙන්න ! සොයා දෙන්නාට වටිනා මුදලක් පිරිනමයි.’’

සතෙක් කියන්නෙත් අතිශය ළයාදර බොක්කක් කියල ‘සත්ව භාෂාව දන්න’ සමීපතමයො දන්නේය. ඒ බොක්ක නැති වුණාම – මිය ගියාම දැනෙන වේදනාව දන්නේ ඔවුන් පමණි.

මෙකී ජීවිත තුල ‘මනුස්සයෙක්’ නැති වුණාම
අතුරුදහන් වුණාම,හවස ගෙදර එන්නං කියල ගිහින් තාමත් ගෙදර නාවම,කොහොමට තියෙයිද?

ඔවුන්ට එහෙම පොස්ටර් ගහන්න වත්කමක් නැත්තේය.තිබුනද දෙන්නට තෑගි මුදල් නොමැත.

ඇත්තේ එක දෙයක් පමණි.

යන්න තියෙන හැම දෙපා මුලටම ගොස්,පිළිතුරක් නැති තැන හැමදාම පැරණි මතක එක්ක ඉකිබිඳීමින් ජීවිත් වීම පමණි.

ඉතිං මිතුරනි , සාමයි – අමරයි තාමත් අතුරුදහන් වෙලා නං පාර දිගේ මල් පිපිලා මොකටද ?

මං කොවිලක් ළඟ සෙල්ෆියක් ගහලා ‘ෆීලිං හැපී’ කියල ‘පරම්පරා ගාණක වේදනාව’ සමරන්නෙ කොහොමද….!

සූපවේදියා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)