හූතිවරු යේමනයේ සමස්ත රතු මුහුදු වෙරළ තීරයේම පාලනය අත්පත් කරගනිති

0
8

යේමනයේ උපායමාර්ගිකව වැදගත් මොකා නගරය සිය පාලනයට නතුකර ගැනීමට හූති කැරලිකරුවන් සමත්ව ඇති අතර, ඒ සමඟම සමස්ත රතු මුහුදු වෙරළ තීරයේම පාලනය තහවුරු කර ගැනීමට ඔවුන්ට හැකිව තිබේ.

මෙම තත්ත්වය හමුවේ ලෝකයේ ප්‍රධානතම වෙළෙඳ මාර්ගයක් වන බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය මත සිය බලපෑම තවදුරටත් පුළුල් කිරීමට හූති සංවිධානයට හැකියාව ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, හූති පාලනය යටතට පත් වූ යේමනයේ මොකා ගුවන්තොටුපළ ඉලක්ක කරගනිමින් සෞදි අරාබි හමුදා විසින් ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව හූතිවරුන්ට සම්බන්ධ අල්-මසිරා (Al-Masirah) නාලිකාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here