හූති ගැටුම හමුවේ සෞදියේ ආරක්ෂාව වෙනුවෙන් කටාර් රාජ්‍යයේ සහාය

0
7

හූති කැරලිකරුවන් සමඟ පවතින ගැටුම උග්‍රවීමත් සමඟ, “සෞදි අරාබියේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සුරැකීමට එම රට ගන්නා ක්‍රියාමාර්ග සඳහා දෝහා සහාය දක්වන බව” කටාර් විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ඊබ්‍රාහිම් සුල්තාන් අල්-හාෂ්මි (Ibrahim Sultan Al-Hashmi) පවසා තිබේ.

දෝහා හිදී මාධ්‍යවේදීන් ඇමතූ ඔහු, “ගොඩනැගීමට අපේක්ෂා කරන්නේ ස්ථාවරත්වය නම්, මක්කම සන්ධානය (Mecca Alliance) ඇතුළුව කලාපයේ රටවල් විසින් ගන්නා ඕනෑම ඉදිරි පියවරකට අප සහාය දක්වනවා” යනුවෙන් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, කටාර් රාජ්‍යය මක්කම සන්ධානයට එක්වීමේ හැකියාව පිළිබඳව කතා කිරීමට “තවමත් වේලාසන වැඩි” බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම “වොෂින්ටනය සහ ටෙහෙරානය (ඇමෙරිකාව සහ ඉරානය) අතර පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් ලබාගැනීමේ අරමුණින් සම්බන්ධතා සහ සංචාරයන් තවදුරටත් සිදුවෙමින් පවතින බව” ද අල්-හාෂ්මි සඳහන් කළේය.

“ඉරාන පාර්ශ්වයේ නවතම තත්ත්වයන් සහ පවතින ස්ථාවරයන් පිළිබඳව දැනගැනීම සඳහා ඉරාන පාර්ශ්වයෙන් සිදුකෙරෙන සංචාරයක් වෙනුවෙන් කටාර් රාජ්‍යය විවෘතව පසුවන බව” ද ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here