හිස තෙල් ගෑමේ නැකත අද පෙරවරුවේ

0
182

NEWSNOW| – මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබේ.

ඒ අද පෙරවරු 09.04ට යෙදෙන සුබ මොහොතිනි.

ඒ සඳහා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන්පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි යනුවෙන් අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.