හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් යළි රිමාන්ඩ්

0
8

නැඟෙනහිර පළාතේ සිදුවූ T-56 වෙඩි තැබීම්වලින් පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධි මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් නැවත ලබන සැප්තැම්බර් 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

අද (18) මෙම නඩුව මඩකලපුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, සැකකරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබාදී තිබේ.

2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදු වූ මනුෂ්‍ය ඝාතන 5ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් පවරා ඇති මෙම නඩුවේ 3 වන සැකකරු ලෙස පිල්ලයාන් නම් කර ඇත. එහිදී කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ ඝාතන සහ ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් ඔහුට එරෙහිව චෝදනා 3ක් එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here