හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (02) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.
එම කොමිසම විසින් කරන ලද කැඳවීමකට අනුව ඔහු මෙලෙස පැමිණ තිබේ. 2007 වසරේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

