සොනාල් දිනූෂගෙන් වාර්තාගත ටෙස්ට් පිතිහරඹයක්

0
8

කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ පන්දු 162කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 103ක් රැස් කරමින් විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට සමත් විය.

මෙය ඉන්දියාවට එරෙහි ඔහුගේ පළමු ටෙස්ට් ඉනිම් තුනේදී පිළිවෙළින් ලකුණු 100, 84 සහ 103 ලෙස ලබාගත් අඛණ්ඩ තෙවන ප්‍රබල ඉනිම වන අතර, එමගින් ඉන්දියාවට එරෙහිව සිය පළමු ටෙස්ට් ඉනිම් තුනේදීම අර්ධ ශතක හෝ ඊට වැඩි ඉනිම් වාර්තා කළ ලෝක ටෙස්ට් ඉතිහාසයේ 3 වන පිතිකරුවා ලෙස Everton Weekes (1948) සහ Zaheer Abbas (1978) අතරට එක්වීමට ඔහුට හැකි විය.

මීට අමතරව, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ අංක 6 හෝ ඊට පහළ ස්ථානයක ක්‍රීඩා කරමින් ඉන්දියාවට එරෙහිව ශතක 2ක් වාර්තා කළ ප්‍රථම පිතිකරුවා බවට පත්වෙමින්ද සොනාල් දිනූෂ වාර්තා අතරට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here