ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සිය සාමාජික රටවල් 211 වෙත ලබාදෙන මුල්‍ය අරමුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
ෆිෆා සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ (Gianni Infantino) විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව, ඇමරිකානු ඩොලර් මිලියන 10කට අධික මුදලක් සාමාජික රටවල් අතර බෙදා හැරීමට නියමිතය.
විධායක කමිටුව හමුවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව එළඹෙන ඔක්තෝබර් 15 වනදා රැස්වන ෆිෆා කවුන්සිලය (FIFA Council) විසින් නිල වශයෙන් අනුමත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

