ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටීමෙන් 10ක් මරුට

0
13

ස්පාඤ්ඤයේ ටොලෙඩෝ ප්‍රදේශයේදී අද (28) සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

මෙම මාරක අනතුරත් සමඟ මැඩ්රිඩ් සහ ඇන්ඩලූසියා අතර දුම්රිය ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත. විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි, අනතුරට ලක්වූ එක් දුම්රියක් මැඩ්රිඩ් සිට සෙවිල් නුවර බලා ගමන් කරමින් තිබී ඇත.

ගැටීමෙන් පසු දුම්රිය මැදිරි දෙකක් පීලි පැන අසල පිහිටි බැවුමකින් පහළට පෙරළී ගොස් ඇති අතර, ඉන් එක් මැදිරියකට දැඩි අයුරින් හානි සිදුවී ගිනිගැනීමටද ලක්ව තිබේ. අනතුරින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් හදිසි වෛද්‍ය සහ සහන සේවා කණ්ඩායම් රැසක් මේ වන විටත් එම ස්ථානයට ළඟා වී සිටිති. තුවාලකරුවන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා ආසන්නයේ පිහිටි ක්‍රීඩා ශාලාවක් සූදානම් කරන ලෙස හදිසි සේවා අංශ ප්‍රදේශයේ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

මැඩ්රිඩ් සිට දකුණු දිග වෙරළ තීරය දක්වා මගීන් ප්‍රවාහනය කරන මෙම ප්‍රධාන දුම්රිය මාර්ගය, විශේෂයෙන්ම සංචාරක කාලවලදී ස්පාඤ්ඤය පුරා සංචාරය කරන විදෙස් සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රිය මාර්ගයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here