සටන් විරාමයට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි.

0
170

NEWSNOW | – සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියාන විසින් ගෙන ආ යෝජනාව යුක්‍රේනය ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ.

සාම ගිවිසුමකට එළැඹීමේදී භූමිය සම්බන්ධ එකඟතාවකට එළැඹිය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කියුව් මඟින් පාලනය කරන ඩොන්බාස් හි කොටස් යටත් කළ යුතු බවට රුසියානු ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

මේ අතර රුසියානු හමුදා යුක්‍රේය එරෙහිව අඛණ්ඩව ප්‍රහාර දියත් කරමින් සිටින බවට යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කර ඇති බව සඳහන්ය.