ශ්‍රී ලංකාව හමුවේ පාකිස්ථාන ඉනිම ලකුණු 110කට සීමා වෙයි

0
11

පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සත්කාරක පාකිස්තානය අතර අද (27) පැවැත්වෙන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 25 යි පන්දු 3 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110ක් පමණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් දැඩි එල්ලයක් එල්ල විය.

පාකිස්තාන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ බාබර් අසාම් පන්දු 33 කින් ලකුණු 29ක් ලබා ගත් අතර, හසන් නවාස් පන්දු 31 කින් රැස් කර ගත්තේ ලකුණු 17ක් පමණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිල්ෂාන් මධුසංඛ ලකුණු 25 කට කඩුලු 5ක් දවා ගනිමින් පාකිස්තාන ඉනිම සුන් කර දැමූ අතර, සහන් ආරච්චිගේ ද කඩුලු 2ක් බිඳ හෙළමින් සාර්ථක පන්දු යැවීමක නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here