ශ්රී ලංකා පොලිසියේ රාජකාරි කටයුතු තවදුරටත් විධිමත් කිරීමේ අරමුණින් නව සිංගල් කැබ් රථ 200ක් මිලදී ගැනීම සඳහා අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
ජාතික තරගකාරී ප්රසම්පාදන ක්රමවේදය යටතේ ලංසු 7ක් කැඳවා ඒවා ඇගයීමෙන් පසුව, සාරානුකූලව ප්රතිචාරාත්මක අවම ලංසුකරු ලෙස තෝරාගත් ඩීසල් ඇන්ඩ් මෝටර් ඉංජිනේරු (DIMO) පෞද්ගලික සමාගම වෙතින් මෙම රථ මිලදී ගැනීමට තීරණය කර ඇත.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව, ‘ටාටා යෝධා’ (TATA YODHA PICKUP) වර්ගයේ සිංගල් කැබ් රථයක් එකතු කළ අගය මත බදු රහිතව රුපියල් 4,785,000ක මුදලකට මෙලෙස මිලදී ගැනීමට නියමිතව තිබේ.

