විශ්වවිද්‍යාලීය අචාර්යවරුන්ගේ ගැටළු ගැන අගමැතිනිය සමඟ සාකච්ඡාවක්.

0
45

විශ්වවිද්‍යාලීය අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිතය.

එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, තම ගැටලු සඳහා නිසි විසඳුම් ලැබෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉංගසිංහ මහතා,

“මේ වෙද්දි ආණ්ඩුව පැත්තෙන් මේ ගැටලු නිරාකරණයට සාධනීය විසඳුමක් ලබාදෙන බවක් අපිට පෙන්න නෑ. හැබැයි රැස්වීමක් දීලා තියෙනවා අගමැතිතුමිය එක්ක. අපි ඒකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පසුගිය සෙනසුරාදා පැවති සියලුම නියෝජිත සංගම්වලින් ඒකමතිකව තීරණය කරලා තියෙනවා නිසි විසඳුමක් ලැබෙන තුරු මේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන්න සහ ඉදිරියට ගෙනියන්න. විසඳුමක් නැති සාකච්ඡාවලින් කිසිම ඵලක් නෑ. අපි සාකච්ඡාවට විවෘතයි. නමුත් පැහැදිලි විසඳුමක් ලැබෙන තුරු මේ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිසේත්ම අත්හිටුවන්න සුදානම් නෑ කියන දේ අපි ආණ්ඩුවට කියනවා.”