විපක්ෂයේ මන්ත්‍රීවරු හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි.

0
124

ඊයේ(06) දිනයේ මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් කථානායකවරයා වෙත ලිපියක් යොමු කරයි.

එම ලිපියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන්, රෝහිණි විජේරත්න සහ හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ජුලි මස 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 100කට අධික ප්‍රමාණයක් තුවාල සිදුවු බවත් එම මරණ සහ තුවාල පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව මත පැටවෙන බව ද අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

ඒ අනුව මෙම කරුණේ ඇති බරපතළකම හා හදිසි ස්වභාවය සලකා මෙලෙස හදිසි කල්තැබීමේ විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇත.