ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරුවේ

0
219

NEWSNOW| – ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරු 11ට පාර්’ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතය.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

නව පාර්’ලිමේන්තුව පත්වීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව රැස්වන දෙවන අවස්ථාව මෙය වේ.

මෙහිදී ව්‍යවස්ථාදායක සභාව වෙත ලැබී ඇති යෝජනා සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පත්වීමට ද මෙතෙක් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව නොමැති අතර ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්ය.