වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාවට

0
9

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරගැනීමේ අරමුණින් අද (08) දහවල් 1.25 ට විශේෂ ගුවන් යානයකින් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.

ලබන 10 වනදා දක්වා පැවැත්වෙන මෙම සංචාරය අතරතුර ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) යන මහත්ම මහත්මීන් හමුවීමට නියමිතය.

පසුගිය වසරේදී අත්සන් කරන ලද ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සමාලෝචනය කෙරෙන අතර, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු වසර 38කට පසුව ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here