අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මීට නොබෝ වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
තමන් ගමන් කළ වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා දැනුම් දුන් අතර, ඒ අනුව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ අදාළ ඉල්ලීම හෙට (22) දින මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙසයි.

