කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ උත්සවයකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත “වඩාත්ම සතුටින් සිටි යුගයේ ජනාධිපති” (President of the Happiest Era) යන ගෞරව නාමය පිරිනමා තිබේ.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ අතර, ප්‍රකට KGF චිත්‍රපට මාලාව හරහා ජනප්‍රියත්වයට පත් ඉන්දීය රංගන ශිල්පී ගරුඩා රාම් (Garuda Ram) ද විදේශීය විශේෂ ආරාධිතයෙකු ලෙස ඊට එක්ව සිටියේය.
ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ව්‍යාපාරික නායකයින්, ව්‍යවසායකයින්, විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් සහ ප්‍රමුඛ පෙළේ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය උත්කර්ෂවත් ලෙස පවත්වා ඇත.

