ලොව අවම වැටුප් ලබන රටවල් අතර 120 වන ස්ථානය ශ්‍රී ලංකාවට

0
8

Visual Capitalist වෙබ් අඩවියේ නවතම වාර්තාවකට අනුව, ලොව අවම වැටුප් ලබන රටවල් අතර ශ්‍රී ලංකාවට 120 වන ස්ථානය හිමිව තිබේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින්, විවිධ රටවල පවතින මාසික අවම වැටුප් සහ එම රටවල ජනතාවගේ ක්‍රය ශක්තිය (Purchasing Power) සංසන්දනය කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සකස් කර ඇත.

අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මාසික අවම වැටුප ක්‍රය ශක්තියට අනුකූලව ගැළපූ විට එය ඇමෙරිකානු ඩොලර් 200ක් (රුපියල් 66,000කට ආසන්න අගයක්) ලෙස සටහන් වේ. මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට පහළින් නයිජර්, භූතානය, හයිටි, ගිනියාව, ඝානාව සහ ගැම්බියාව යන රටවල් පසුවේ.

මේ අතර, ආසියාවේ වැඩිම අවම වැටුපක් හිමිවන රට බවට පත්ව ඇත්තේ දකුණු කොරියාවයි. එහි මාසික අවම වැටුප ඇමෙරිකානු ඩොලර් 2,366කි. එමෙන්ම, ඇමෙරිකානු ඩොලර් 3,804ක මාසික අවම වැටුපක් ලබාදෙමින් ලෝකයේ ඉහළින්ම ශ්‍රේණිගත වී ඇති රට බවට ස්විට්සර්ලන්තය පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here