ලිබියාවේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා බෝම්බ ප්‍රහාරයකින් මරුට

0
11

ලිබියාවේ හවාරි ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමකින් ලිබියානු ජාතික හමුදාවේ (නැගෙනහිර කලාපීය) බුද්ධි අංශ ප්‍රධානියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඔහුගේ රථය තුළ අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම මාරාන්තික ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්තවාදී හෝ ප්‍රහාරක කණ්ඩායමක් විසින් භාරගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට එරට ආරක්ෂක බලධාරීන් පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here