පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ අංශය වෙත පුහුණු කර රාජකාරී සදහා අනුයුක්ත කිරීමට නෙදර්ලන්තයේ සිට සුනඛයන් 40 දෙනෙකු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ .
වයස අවුරුද්දක සීමාවේ පසුවන ජර්මන් ෂෙපර්ඩ් , ලැබ්රඩෝ , මැලිනොයිස් සහ බීගල් වර්ගයේ නුපුහුණු සුනඛයන් 40 දෙනෙකු මෙසේ රැගෙන විත් තිබුණි .
ඔවුන් පුපුරන ද්‍රව්‍ය පරීක්ෂාව සහ හදුනා ගැනීම , මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට සහ ශ්‍රී ලංකාව තුළ සිදු වන විවිධ අපරාධ ඉව කිරීම් මගින් විමර්ශනය කිරීම පිළිබද පුහුණු කිරීම් වලට මෙම සුනඛයන් යොමු කිරීමට නියමිතය.
විශේෂයෙන් බීගල් වර්ගයේ සුනඛයන් කළකට පසුව පොලිස් දෙපාර්තමේන්තුව සදහා මෙරටට රැගෙන විත් තිබු ඔවුන් මත්ද්‍රව්‍යය වැටලීම් සදහා පුහුණු කිරීමට නියමිතය.
මෙම සුනඛයන් එක් අයෙකු රුපියල් ලක්ෂ 20 ක් වටිනාකමකින් යුක්ත වන බව පොලිස් නිල සුනඛ අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
මෙම සුනඛයන් පිරිස නෙදර්ලන්තයේ සිට දෝහා වෙත රැගෙන විත් , එතැන් සිට අද (29) දින අලුයම 01.38 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
මෙම සුනඛයන් භාර ගෙන රැගෙන යාම සදහා මහනුවර පොලිස් නිල සුනඛ අංශයේ උසස් පොලිස් නිලධාරීවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
(ටී. කේ. ජී. කපිල -. කටුනායක)


