රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමකට එළඹීමේ උත්සාහයන් තීව්‍ර කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් මෙම සති අන්තයේ රුසියාවේ සහ යුක්රේනයේ සංචාරය කිරීමට නියමිත අතර, ඔවුන් අද (05) රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද හෙට (06) යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡා සඳහා යුද්ධය අවසන් කිරීමේ විශේෂ යෝජනාවලියක් ද රැගෙන යන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති අතර, දෙපාර්ශ්වය අතර පවතින ගැඹුරු මතභේද තවමත් නිරවුල් වී නොමැති බැවින් සියලු පාර්ශව එකඟ කරවාගනිමින් සාම ගිවිසුමකට එළඹීම ප්‍රබල අභියෝගයක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

