රිපබ්ලිකන් පක්ෂයේ මැතිවරණ පරාජයේ වගකීම පෙන්ටගන් ලේකම් පීට් හෙග්සෙත් වෙත. දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම්

0
2

අමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය අත්වූ ඓතිහාසික පරාජයේ වගකීම පෙන්ටගනයේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මත පටවමින්, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය සමඟ පවතින යුද්ධය සහ ආරක්ෂක ප්‍රතිපත්ති හේතුවෙන් මෙවර පක්ෂයේ ඡන්ද පදනම දැඩි ලෙස බිඳ වැටුණු බව උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් පෙන්වා දී තිබේ. මේ නිසා මෙම අසාර්ථකත්වයේ ප්‍රධාන වගකීම ආරක්ෂක ලේකම්වරයා භාරගත යුතු බවට රිපබ්ලිකන් පක්ෂයේම මන්ත්‍රීවරුන් දැඩි චෝදනා නඟා ඇත.

ඒ අනුව, ලබන සතියේ කොන්ග්‍රස් මණ්ඩලය රැස් වූ වහාම හෙග්සෙත්ට එරෙහි දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු ස්වේච්ඡාවෙන් තම ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඒ පිළිබඳ ඡන්ද විමසීමක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව පක්ෂ දෙකෙහිම නීති සම්පාදකයෝ පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here