රනිල් වික්‍රමසිංහට එරෙහි පොදු දේපොළ නඩුව නොවැම්බර් 11 වනදා යළි කැඳවීමට නියෝග

0
15

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති නඩුවේ විමර්ශන අවසන්ව ඇති බව රජයේ නීතිඥ සමදරී පියසේන මහත්මිය අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ දැනුම් දුන්නාය.

වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය හොබවන සමයේ ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ලන්ඩන් උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට මෙම නඩුව ගොනුකර තිබේ.

අදාළ විමර්ශන උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බැවින්, පැමිණිල්ලේ ඉදිරි ස්ථාවරය දැනුම් දීම සඳහා රජයේ නීතිඥවරිය කළ ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන නොවැම්බර් 11 වනදා තෙක් කල් තැබීමට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here