රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ අද නැවත අධිකරණය හමුවට

0
34

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවේදී සිදු වූ බව කියන මුදල් විශුද්ධිකරණ සහ අල්ලස් ලබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නිකුත් කළ නියෝගයකට අනුව මෙම පියවර ගැනේ.

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ උපදෙස් පරිදි මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here