මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ පාවෙන සූර්ය බලාගාරය අද ජනාධිපති සුරතින් විවෘත වෙයි.

0
13

ශ්‍රී ලංකාවේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (Battery Energy Storage System) සහ දඹුල්ල ‘දියජනනි’ පාවෙන සූර්ය බලශක්ති බලාගාරය අද (18) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවීම සහ ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘති ස්ථාපිත කර ඇත.

  • අනුරාධපුර බැටරි බලශක්ති ගබඩා පද්ධතිය: අනුරාධපුරයේ ඉදිකර ඇති මෙම පද්ධතිය මෙගාවොට් 10ක (10 MW) ධාරිතාවකින් සමන්විත වන අතර, එමඟින් පුනර්ජනනීය විදුලි සැපයුම විධිමත්ව පවත්වා ගැනීමට පියවර ගැනේ.

  • දඹුල්ල ‘දියජනනි’ පාවෙන සූර්ය බලශක්ති පද්ධතිය: රජයේ ජාතික පුනර්ජනනීය බලශක්ති වැඩසටහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මතුපිට ඉදිකරන ලද මෙම පද්ධතිය මඟින් මෙගාවොට් 5ක (5 MW) ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එකතු කෙරේ. එමඟින් ප්‍රදේශයේ නිවාස 10,000කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය සැපයීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම ව්‍යාපෘති ද්විත්වය විවෘත වීමත් සමඟ මෙරට හරිත බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here