මෙරට ඩෙංගු මරණ 69 දක්වා ඉහළට

0
7

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වසරේ මේ දක්වා කාලය තුළ මුළු ඩෙංගු රෝගීන් 92,854 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 52.95%ක්ම, එනම් රෝගීන් 49,163 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වේ.

දිස්ත්‍රික් මට්ටමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් (19,778ක් / 21.30%) වාර්තා වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,433ක් (19.85%) සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,695ක් (7.21%) ලෙස හඳුනාගෙන ඇත.

මාසිකව සලකා බැලීමේදී ඉහළම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964කි. අගෝස්තු මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් රෝගීන් 7,516 දෙනෙකු හඳුනාගෙන තිබීමෙන් ව්‍යාප්තියේ දැඩි භයානකකම පැහැදිලි වේ. පවතින මෙම අවදානම් තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් තවදුරටත් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස නම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here