මර්වින් සිල්වා මහතා යළි රිමාන්ඩ්

0
119

NEWSNOW| –  හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ලබන 24 වනදා දක්වාය.

ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්  අනතුරුවය යළි බන්ධනාගාර ගත කර ඇත.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 05 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකිණීමේ සිද්ධියකට අදාළවය.