මන්නාරම සහ පුත්තලම නව මාර්’ගයක් හරහා නැවත සම්බන්ධ කිරීමට රජයේ අවධානය

0
161

NEWSNOW | – ශ්‍රී ලංකාවේ මන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර තොටුපළ සේවාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මගී තොටුපළ සේවාව ආරම්භ කිරීම කඩිනම් කිරීම කෙරෙහි සාකච්ඡා අවධානය යොමු කර ඇති බව ජනාධිපති දිසානායක මහතා පැවසීය.

අද(17) මන්නාරමේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ “මන්නාරම සහ පුත්තලම නව මාර්’ගයක් හරහා නැවත සම්බන්ධ කිරීමට විකල්ප යෝජනා රජය විසින් ගවේෂණය කරමින් සිටින බවයි. එමඟින් ගමන් මාර්’ගය කිලෝමීටර 90 කින් පමණ අඩු කිරීම අරමුණු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.