මධ්‍යම කඳුකරයේ අධික වර්ෂාවත් සමඟ කඩිගමුව දුම්රිය මාර්ගයට යළිත් පස් කන්දක් කඩා වැටේ

0
8

මධ්‍යම කඳුකරයට මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දක කොටසක් යළිදු කඩා වැටී ඇතැයි වාර්තා වේ.

මෙම නායයෑම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති අතර, දුම්රිය සේවකයින් විසින් එම ස්ථානයට ගොස් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පස් ඉවත් කිරීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතියි.

දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ආරම්භ කළ ද, කඩිගමුව ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටුණු තෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here