පේරු සංචාරය අතරතුර ලියෝ පාප් වහන්සේට කුඩා අනතුරක්. බැතිමතෙකු විසිකළ ජපමාලයක් මුහුණේ වදී

0
12

දකුණු ඇමරිකානු සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් පේරු රාජ්‍යයේ ලීමා අගනුවර සංචාරය කළ ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ, එහිදී බැතිමතුන් හමුවීමේ අවස්ථාවකදී අපූරු සිදුවීමකට මුහුණ දී තිබේ.

විවෘත විශේෂ රථයෙන් ගමන් කරමින් සිටියදී, මාර්ගය දෙපස රැස්ව සිටි පිරිස අතරින් අයෙකු ආශීර්වාද අපේක්ෂාවෙන් උන්වහන්සේ වෙත ජපමාලයක් විසි කර ඇත. පාප් වහන්සේ එය අල්ලා ගැනීමට උත්සාහ කළද, එය අතපසුවී උන්වහන්සේගේ මුහුණේ වැදී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. සාමාන්‍යයෙන් බැතිමතුන් මෙලෙස ජපමාල ඉදිරිපත් කිරීම සිදුකළද, මෙවර එය මඳක් අපේක්ෂා නොකළ සිදුවීමක් බවට පත්විය.

කෙසේ වෙතත්, එම සුළු අපහසුතාව කිසිවක් නොසලකා පාප් වහන්සේ, කිසිදු පැකිලීමකින් තොරව තම වීදි සංචාරය අඛණ්ඩව සිදු කරමින් ජනතාවට ආශීර්වාද කර ඇත. අනතුරුව, පේරු රාජ්‍යයේ ගත කළ දින හයක කාලය තුළ එරට ජනතාවගෙන් ලැබුණු උණුසුම් ආගන්තුක සත්කාරය සහ ප්‍රසාදය පිළිබඳවද උන්වහන්සේ අවධාරණය කරමින් ස්තුතිය පළ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here