ප්‍රංශය සහ සෞදිය එකතුවෙන් පැරිසියට ඩොලර් බිලියන 7 ක දැවැන්ත Dragon Ball Z තේමා උද්‍යානයක්

0
18

ප්‍රංශය සහ සෞදි අරාබිය එක්ව පැරිස් නගරයට වයඹ දෙසින් පිහිටි Cergy-Pontoise ප්‍රදේශයේ ඩ්‍රැගන් බෝල් ඉසෙඩ් (Dragon Ball Z) තේමාව කරගත් දැවැන්ත තේමා උද්‍යානයක් (theme park) ඉදිකිරීමට සූදානම් වේ. ඩොලර් බිලියන 7 ක (€ බිලියන 6) පිරිවැයකින් යුත් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලබන්නේ සෞදි අරාබියේ Qiddiya විනෝදාස්වාද සහ ආයෝජන සමූහය විසිනි.

තේමා උද්‍යාන තුනකින් සමන්විත විශාල විනෝදාස්වාද සංකීර්ණයක කොටසක් ලෙස නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය මගින් රැකියා 22,000 කට ආසන්න සංඛ්‍යාවක් උත්පාදනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අකිරා ටෝරියාමා (Akira Toriyama) විසින් නිර්මාණය කරන ලද ලොව පුරා අතිශය ජනප්‍රිය ජපන් මැංගා (manga) සහ ඇනිමේ (anime) කතා මාලාවක් වන ඩ්‍රැගන් බෝල් හි ආභාසය ලබාගනිමින් ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතියේ තවත් තොරතුරු කිහිපයක් අවසන් කිරීමට ඇති බැවින්, එය විවෘත කරන දිනයක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here