පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද විමසීමේ දින සංශෝධනය කෙරේ

0
186

NEWSNOW | – ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද විමසීම සඳහා සංශෝධිත දින මැතිවරණ කොමිසම අද(17) ප්‍රකාශයට පත් කළේය.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අප්‍රේල් 24, 25, 28 සහ 29 යන දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරෙන් බවය.

කලින් සැලසුම් කර තිබුණේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අප්‍රේල් 22, 23, 24, 28 සහ 29 යන දිනවල සිදු කිරීමටය.

පළාත් පාලන ආයතන 339 සඳහාම ඡන්ද කාඩ්පත් අප්‍රේල් 16 වන දින තැපැල් දෙපාර්’තමේන්තුවට භාර දුන් බවත් ඡන්ද කාඩ්පත් බෙදා හැරීම දැනටමත් ආරම්භ කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.

ඡන්ද කාඩ්පත් බෙදා හැරීම අප්‍රේල් 29 වන දින දක්වා සිදුවන බවත්, අප්‍රේල් 29 න් පසු ඡන්ද කාඩ්පත් නොලැබුනේ නම් අදාළ තැපැල් කාර්යාලයෙන් විමසන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.