පළාත් කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි

0
19

එළඹෙන ඔක්තෝබර් පළමුවනදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට සුදුසු වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, ඌව, නැගෙනහිර, මධ්‍යම පළාත්වල මෙන්ම පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල අලුයම් කාලයේදී මීදුම් සහිත වාතාවරණයක් පැවතිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here