නොවැම්බර් 30 වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය

0
2

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සිය සහාය ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (27) තීරණය කර තිබේ.

මෙම වැඩවර්ජනයට එක්වන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණය සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වී ගනු ලබන බව සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර, ඒ අනුව අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here