නේපාලයේ හිම්ලුං හිමාල් හිම කඳුවැටිය නායයයි

0
12

බටහිර නේපාලයේ ටිබෙට් දේශසීමාව ආසන්නයේ පිහිටි මීටර් 7,126ක් උසැති හිම්ලුං හිමාල් (Himlung Himal) කඳුවැටියේ ඊයේ (27) උදෑසන සිදුවූ දරුණු හිම කඳු නායයාමකින් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන් වී තිබේ.

අතුරුදන් වූවන් අතර ගවේෂණ සමාගම්වල නියෝජිතයින් සහ මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ද වන බව වාර්තා වේ.

බෙංගාල බොක්කේ ඇතිවූ අයහපත් කාලගුණය නිසා නේපාලයේ කඳුකර ප්‍රදේශවලට ඇදහැලෙන දැඩි හිමපතනය හමුවේ බොහෝ කඳු නගින්නන් පහළට බැස ගියද, පිරිසක් තවදුරටත් කඳවුරේ රැඳී සිටීම මෙම අනතුරට හේතු වී ඇත.

පසුගිය මාසයේ රසුවා ප්‍රදේශයේ ගංවතුරෙන් පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මියගිය පසුබිමක මෙම අනතුර සිදුවී ඇති අතර, පවතින අවදානම හමුවේ සියලුම කඳු නැගීමේ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවන ලෙස නේපාල බලධාරීන් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here