නේපාලයේ හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 162ක් දක්වා ඉහළට.

0
7
නේපාලයේ ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපා හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 162ක් දක්වා ඉහළ ගොස් ඇති  මාධ්‍ය පවසයි.
මියගිය පුද්ගලයන් අතරින් 64 දෙනෙකු චිට්වාන් දිස්ත්‍රික්කයේ පහළ ප්‍රදේශවලින් සොයාගෙන ඇත. තවත් 26 දෙනෙකු නවාල්පරාසි නැගෙනහිර ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බව නේපාල පොලීසිඇත්තේ, ය සඳහන් කරයි.
තවමත් පුද්ගලයන් සිය ගණනක් අතුරුදන්ව සිටින බවත්  ඒ අතර පොලිස් නිලධාරීන් 28 දෙනෙකු ද සිටින බවත් මාධ්‍ය වාර්තා පවසයි.
සෆාරි සඳහා ප්‍රසිද්ධ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන චිට්වාන් ඇතුළු මහ නගර සභා කිහිපයක් ගංවතුර තත්ත්වය තවදුරටත් උග්‍රවීම හේතුවෙන් අධි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බැවින්, සහන හා සෙවීම් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here