නේපාලයේ සිදුවූ හදිසි ජල ගැලීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 579ක් බව එරට මාධ්‍ය වාර්ර්තා කරයි.
මේ වන විට අතුරුදන්ව ඇති සංඛ්‍යාව 2,000කට ආසන්නය.
අතුරුදන් පිරිස සොයා තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර මෙම විමර්ශනයේ ප්‍රතිපළ මත ඇතැම් පිරිසකගේ මළ සිරුරු සොයා ගැනීමටද හැකිව තිබේ.
එසේම විවිධ ස්ථානවල සිරව සිටි පුද්ගලයින් 4,000කට අධික ප්‍රමාණයක් බේරා ගැනීමටද එරට සහන සේවා කණ්ඩායම් සමත්ව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

