නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 9ක් දක්වා ඉහළට

0
6

නේපාලයේ ටිබෙට් දේශසීමා ආශ්‍රිත ප්‍රදේශවලට හදිසියේ බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුරින් දේශසීමා කලාපයේ පාලම්, ප්‍රධාන මාර්ග සහ විදුලි පද්ධතිවලට දැඩි ලෙස හානි සිදුව ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව නේපාල බලධාරීහු පවසති.

මෙය පසුගිය දශකයක කාලය තුළ හිමාල කලාපයට බලපෑ දරුණුතම ස්වාභාවික ව්‍යසනය ලෙස සැලකෙන අතර, දේශගුණික විපර්යාස සහ ජෙට් ප්‍රවාහයේ (Jet Stream) සිදුවූ අසාමාන්‍ය වෙනස්කම් මෙම හදිසි ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බව පරිසර විශේෂඥයෝ පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here