නේපාලයේ ඇති වූ හදිසි ආපදා තත්ත්වයත් සමග 270 දෙනෙක් මිය ගොස් අතුරුදන්ව සිටින සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය පවසයි.
එම අතුරුදන් වූ පිරිස අතර විවිධ රටවල් 28කට අයත් විදේශිකයින් 466 දෙනෙකු සිටින බවයි නේපාල පොලිසිය සඳහන් කර ඇත.
එමෙන්ම අතුරුදන් වූ පිරිස අතර නේපාල ජාතිකයෝ 113 දෙනෙකු සිටිති. අමෙරිකානු ජාතිකයින් 54 දෙනෙකුද ඒ අතර වේ.
මේ අතර අතුරුදන් වූ බ්‍රිතාන්‍ය ජාතිකයින් සංඛ්‍යාව 33ක් ලෙස තවදුරටත් පවතින බව නේපාල පොලිසිය තහවුරු කර තිබේ.
අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, නවතම තොරතුරු අනුව මෙම සංඛ්‍යාව තවදුරටත් වෙනස් විය හැකි බවද බලධාරීන් පවසයි.

