ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති විරෝධතාවක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදිනියන් තිදෙනෙකුට පොලිස් නිලධාරීන්ගෙන් ලිංගික හිංසන සිදුවූ බවට දැඩි චෝදනා එල්ල වී ඇති අතර, ඡන්ද නාමලේඛනවල සිදුකළ පුළුල් සංශෝධනවලට (මිලියන 130ක පමණ නම් ඉවත් කිරීමට) එරෙහිව තරුණයින් පැවැත්වූ මෙම විරෝධතාවේදී පොලිසිය විසින් පිරිස් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මාධ්‍යවේදිනියන් අනිසි ලෙස ස්පර්ශ කිරීම්වලට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පැමිණිල්ල නවදිල්ලි පොලිසිය විසින් අපරාධ විමර්ශන අංශයට යොමු කර ඇති අතර, කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ බියක් මතුවී ඇති බැවින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ සඳහා පිළිතුරු දිය යුතු බව විපක්ෂ නායක රාහුල් ගාන්ධි අවධාරණය කර තිබේ.
එසේම, ඉන්දීය මාධ්‍ය ප්රජාවද මේ පිළිබඳව දැඩි විරෝධය පළ කරමින් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර, විරෝධතාකරුවන්ට පහරදෙන සහ බලහත්කාරයෙන් ඉවත් කරන වීඩියෝ දර්ශනද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වෙමින් පවතී.

