දෙහිවලදී පුද්ගලයෙකුට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි.

0
15

දෙහිවල, ඕබන් පෙදෙසේදී පසුගිය අගෝස්තු 29 වනදා පුද්ගලයෙකුට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාට ලද තොරතුරකට අනුව මහනුවර ප්‍රදේශයේ සැඟවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පලායාමට භාවිත කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

මීට වසර දෙකකට පෙර සිය පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බව සැකකරු අනාවරණය කර ඇති අතර, සැකකරු ‘කොස්මල්ලි’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවත්, මියගිය පුද්ගලයා ‘බඩෝවිට අසංක’ නමැති අපරාධකරුගේ සමීපතමයෙකු බවත් පොලිසිය පවසයි.

දෙදෙනාටම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here