දෙහිවල – ගල්කිස්ස හිටපු නගරාධිපති දනසිරි අමරතුංග මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවයි.

0
3

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා දෙහිවල – ගල්කිස්ස හිටපු නගරාධිපති දනසිරි අමරතුංග මහතා අද (01) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඩුබායි හිදී එරට ආරක්ෂක අංශ භාරයට ගැනුණු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්, පසුගිය අගෝස්තු 14 වැනිදා මෙරටට ගෙන එනු ලැබීය. දැනට රැඳවුම් නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ පසුවන සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු පදනම් කරගනිමින් හිටපු නගරාධිපතිවරයා කැඳවීමට පියවර ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here