දිස්ත්‍රික්ක 23කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්

0
2

දිවයිනේ දිස්ත්‍රික්ක 23කට බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (25) පෙරවරු 11.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන අතර, අනුරාධපුර, අම්පාර, කළුතර, කෑගල්ල, කිලිනොච්චිය, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, ත්‍රිකුණාමලය, නුවරඑළිය, පුත්තලම, පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව, මන්නාරම, මහනුවර, මාතලේ, මුලතිව්, මොනරාගල, යාපනය, රත්නපුර සහ වවුනියාව යන දිස්ත්‍රික්ක සඳහා එය අදාළ වේ.

මෙම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බැවින්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here