දිවයිනේ සියලුම පළාත් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ රතු නිවේදනයක්

0
10

දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙ.ව. 11.00 ට නිකුත් කර තිබේ.

පෙ.ව. 01.00 දක්වා වලංගු වන මෙම නිවේදනයට අනුව, දිවයින පුරා බොහෝ ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here